Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Michaung සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට දැඩි බලපෑම්

මිජවුම් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමත් සමග ඉන්දියාවේ දකුණු වෙරළ තීරයේ පහර දෙමින් සිටින අතර පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිජවුම් සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, ඉන්දියාවේ චෙන්නයි ප්‍රාන්තයටය. මේ තත්වය නිසාම තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයන් හී පහත් බිම්වල වෙසෙන දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇත.

චෙන්නායි නගරයේ බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මෝටර් රථ සැඩපහරන්ට හසුව ගසාගෙන යෑම් පිළිබදව හා ගස් කඩා වැටීම් පිළිබදව වාර්ථා වෙයි. දරුණු කාළගුණික තත්වය හේතුවෙන් ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන චෙන්නායි ගුවන් තොටුපළ සඳුදා දිනයේ දී සිය මෙහෙයුම් නවතා දමා ඇත.

Michaung සුළි කුණාටුව අඟහරුවාදා උදෑසන ආන්ද්‍රා , නෙල්ලෝර් සහ මචිලිපට්නම් ප්‍රෙද්ශයන්ට

කඩාවදිනු ඇතැයි අපේක්ෂා කරන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 110 (පැයට සැතපුම් 68) දක්වා ඉහළ යනු ඇත.

කාලගුණ විද්‍යා නිලධාරීන් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදනයක් නිකුත් කර තිබේ. සඳුදා පාසල්, විද්‍යාල සහ බැංකු වසා දමා ඇති අතර අඟහරුවාදා දිනය වන විට අවම වශයෙන් දිස්ත්‍රික්ක හතරක පමණ සියළු කටයුතු නවතා දමා ඇත.

Exit mobile version