Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022/2023 සරසවි ප්‍රවේශයට අදාල අභියාචනා ලබන 30 වැනිදා දක්වා

2022(2023)උසස් පෙළ විභාගයේ නව අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

2022(2023)උසස් පෙළ විභාගයේ නව අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි

2022/2023 අධ්‍යයන වර්ෂයට අදාල අභියාචනා ලබන 30 වැනිදා දක්වා භාරගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එම සභාව පැවසුවේ ඉදිරි සති දෙක තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචිය ආරම්භ කෙරන බවයි.

ඊට අදාල උපදෙස් සිසුන් ලබාදී ඇති දුරකතන අංකයට SMS පණිවුඩයක් මගින් ලබා දෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේය.

මේ අතර, 2022/2023 අධ්‍යයනය වර්ෂය සඳහා ලබන මාසයේ සිසුන් ඇතුළත් කරගන්නා බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ මූලික වටයේදී සිසුන් 42,145 දෙනෙකු ඇතුළත් කර ගැනීමට නියමිත බවයි.

මෙවර කලා විෂය ධාරාව සඳහා වැඩිම සිසුන් පිරිසක් එනම් 11,780 දෙනෙකු ඇතුළත් කරගන්නා බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පසුගියදා (01) නිකුත් කෙරිණ.

Exit mobile version