Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා, රෝහණ හා සුජිත්ට මාසයක කාලයකට පාර්ලිමේන්තු තහනමක්

ඩයනාට, රෝහණට හා සුජිත්ට මාසයක කාලයකට පාර්ලිමේන්තු තහනමක්

ඩයනාට, රෝහණට හා සුජිත්ට මාසයක කාලයකට පාර්ලිමේන්තු තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් අතර සිදුවූ සිද්ධියට අදාළව වරප්‍රසාද කාරක සභාව අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් (01) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

Exit mobile version