Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොල් සංවර්ධන අධිකාරියේ මෙම වර්ෂයේ ආදායම භාණ්ඩාගාරයට

පොල් සංවර්ධන අධිකාරියේ මෙම වර්ෂයේ ආදායම භාණ්ඩාගාරයට

පොල් සංවර්ධන අධිකාරියේ මෙම වර්ෂයේ ආදායම භාණ්ඩාගාරයට

පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂයේ උපයන ලද ආදායමෙන් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

ඊට අදාල චෙක්පත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත සංකේතාත්මකව බාර දුන්නේය.

මෙම මුදල ජනාධිපතිවරයාට බාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ලාභ ලබන මට්ටමක පවතින බැවින් උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කරන බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කීය.

Exit mobile version