Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 බුකර් සාහිත්‍ය සම්මා­නය අය­ර්ල­න්තයේ පෝල් ලින්ච්ට

2023 බුකර් සාහිත්‍ය සම්මා­නය අය­ර්ල­න්තයේ පෝල් ලින්ච්ට

2023 බුකර් සාහිත්‍ය සම්මා­නය අය­ර්ල­න්තයේ පෝල් ලින්ච්ට

අයර්ලන්තයේ තරුණ සාහිත්‍යධරයකු වන පෝල් ලින්ච් මෙවර බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් පිරිනැමෙන ලොව ඉහළම සම්මානය වන බුකර් සම්මානය මේ වසරේදී පෝල් ලින්ච්ට හිමි වූයේ ඔහුගේ Prophet Song කෘතිය සඳහාය. සිරියාවේ යුද්ධය සහ සරණාගතයන්ගේ අර්බුදය සිය කෘතිය සඳහා උත්තේජනයක් සැපයු බව බුකර් සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු පෝල් ලින්ච් ප්‍රකාශ කළේය.

Prophet Song සිය පස්වැනි සාහිත්‍ය කෘතිය බවත්, එය ලියා අවසන් කිරීමට වසර 4කට වඩා ගත වූ බවත් පෝල් ලින්ච් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ‘මා මේ කෘතිය ලිවීම ආරම්භ කළේ මගේ පුතා ඉපදීමට මාස කිහිපයකටත් පෙරයි. ඒත් කෘතිය ලියා අවසන් කරන විට පුතා සිටියේ සෙල්ලම් පාපැදියක් පැදීමට තරම් හැකියාව ඇති වයස් මට්ටමකයි.’ පෝල් ලින්ච් එසේ සඳහන් කර ඇත.

Exit mobile version