Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා ලාදුරු රෝගීන් 1,256ක්

2023 වසරේදී ලාදුරු රෝගීන් 1550ක්

2023 වසරේදී ලාදුරු රෝගීන් 1550ක්

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ලාදුරු රෝගීන් 1,256ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශකර ඇත.

ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 256කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් වශයෙන් දිස්ත්‍රික් කිහිපයකින් ලාදුරු රෝගීන් වාර්තා වී තිබේ‍.

මේ වන විට වාර්තා වී ඇති ලාදුරු රෝගීන් අතරින් අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131 දෙනෙකු ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවට විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.

ඒ අතරින් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 39කි.

ගම්පහ, මඩකලපුව සහ කළුතර ඇතුලු දිස්ත්‍රික්ක වලින්ද ළමා ලාදුරු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.

Exit mobile version