Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. කෝටි 27ක් වටිනා හෙරොයින් සමග පුද්ගලයින් 3න් දෙනෙකු අත්අඩංගුවට

රු. කෝටි 27ක් වටිනා හෙරොයින් සමග පුද්ගලයින් 3කු අත්අඩංගුවට

රු. කෝටි 27ක් වටිනා හෙරොයින් සමග පුද්ගලයින් 3කු අත්අඩංගුවට

රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(21)වැනි දා සවස සිදු කළ මෙහෙයුමක දී පාකිස්ථානයේ ලාහෝර් හි සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ආනයනය කරන ලද තුවා තොගයක් මැද සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් බඩු පර්යන්තයේදී සිය භාරයට ගත් බවට රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී හෙරොයින් 10.5Kg ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර හෙරොයින් තොගය ඇතුළත් භාණ්ඩ තොගය නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබුණු ඒවා බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

භාණ්ඩ තොගය රේගුවෙන් නිදහස් කර ගැනීමට පැමිණි ආනයනකරු හා නිශ්කාෂන නියෝජිතයින් දෙදෙනෙකු රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දුන් බවට වාර්තා වේ.

Exit mobile version