Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ විභාගය සැලසුම් කර ඇති පරිදිම පැවැත්වේ

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ විභාගය කල් නොදැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් (22) විභාගයට ගැනුන අතර එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි අමාත්‍යංශය නිවේදනය කරයි.

Exit mobile version