Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2022–09–22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ.

එහිදී, යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රතිපත්තිමය කරුණු කවරේද යන්න පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව, එම කමිටුව විසින් යෝජිත විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස පදනම් කර ගැනීම සඳහා සුදුසු විධිවිධාන සහිතව මූලික කෙටුම්පතක් පිළියෙල කර තිබේ.

ඒ අනුව, එම මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.

Exit mobile version