Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනතුරු නිසා දිනකට මරණ 35ක්, වසරකට 12,000ක්, නේවාසික රෝගී ප්‍රතිකාර ලබාගැනීම මිලියනයක්

අල්-ෂිෆා රෝහලෙන් නොමේරූ ළදරුවන් 28 දෙනෙක් රෆා හරස් මාර්ගයට

අල්-ෂිෆා රෝහලෙන් නොමේරූ ළදරුවන් 28 දෙනෙක් රෆා හරස් මාර්ගයට

මෙරට වසරකට 10,000 -12,000ක් පමණ අනතුරු හේතුවෙන් මියයාම, මිලියන 1ක් නේවාසික රෝගී ප්‍රතිකාර ලබාගැනීම සහ දිනකට මරණ 35කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අනතුරු වැළක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව – 2023 (ICIPSL’23) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (20) ආරම්භ වුණා.

එම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශය සංවිධානය කළ මෙම අනතුරු නිවාරණය පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා කාලෝචිත සහ වැදගත් විෂයක් බවයි.

එමෙන්ම මෙම සමුළුවට සහභාගිව සිටින බොහෝ පර්යේෂකයන් සහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව සමඟ ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට මෙහි පැමිණ ඇති බවත්, මෙමගින් මෙරට සෞඛ්‍ය දර්ශක තවත් ඉහළ මට්ටමකට ගෙනයාමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

මෙරට අනතුරු වැළැක්වීමේ අංශය ශක්තිමත් කිරීම මෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුළ අප විසින් ඇති කරන ප්‍රතිකාර ක්‍රම ශක්තිමත් කිරීම අප ඉදිරියට යා යුතු බහුවිධ ප්‍රවේශයක් බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

Exit mobile version