Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරිභෝගික අධිකාරියෙන් බව සඳහන් කරමින් වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක්

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726ට එරෙහිව නඩු

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726ට එරෙහිව නඩු

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බව සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබාදී වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම සහ තොග සඟවා ගෙන සිටීමේ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති වෙළෙඳසැල් සහ ආයතන වෙත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

එවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මේ අතර දින 10ක් තුළ සිදුකළ වැටලීම්වලින් පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ වෙළෙඳසැල් 300ක් හඳුනාගෙන ඇති අතර, එම වෙළෙඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව එම අධිකාරිය සඳහන් කරයි.

Exit mobile version