Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජය විකිනීමට සූදානම්වන ආයතන මිලදී ගැනීමට මහජන සමාගමක්

රජය විකිනීමට සූදානම්වන ආයතන මිලදී ගැනීමට මහජන සමාගමක්

රජය විකිනීමට සූදානම්වන ආයතන මිලදී ගැනීමට මහජන සමාගමක්

රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගනිමින් මහජන සමාගමක් ස්ථාපිත කෙරේ.

Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගම හෙවත් වත්කම් භාරකාර සමාගම එළි දැක්වීමේ උත්සවය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් මෙම සමාගම ගොඩනැගෙන බව Treasure Republic Guardians Limited හි අධ්‍යක්‍ෂ ජනක විජයපතිරත්න මහතා එහිදී කියා සිටියේය.

මෙම සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස ආරියශීල වික්‍රමනායක, කුලතුංග රාජපක්‍ෂ, කපිතාන් අවීන්ද්‍ර මිරැන්ඩෝ, ජනක විජයපතිරත්න, නයෝමා ද සිල්වා යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

දේශීය ආයෝජන ලබා ගැනීම් අමෙරිකා ඩොලර් මිලියන 150කුත්, විදේශීය ආයෝජන ලබා ගැනීම් අමෙරිකා ඩොලර් මිලියන 300කුත්, විදෙස් බැංකු ණය ආයෝජන මිලියන 400කුත් මෙම සමාගමට මේවන විට පවතින බව එහි අධ්‍යක්‍ෂිකා නයෝමා ද සිල්වා මහත්මිය පැවසුවාය. එසේම තවදුරටත් Treasure Republic Guardians Limited හි කොටස් හිමිකරුවකුවීම සඳහා අයදුම්පත්‍ර ලබාගැනීමේ හැකියාව ද පවතී. මේ සමාගම සමූපකාර ක්‍රමවේදයට සමාන වන අතර සියයට සියයක් ශ්‍රී ලාංකිකයින් මෙහි කොටස් හිමිකාරිත්වය දරයි.

එසේම රජය විසින් විකුණන ආයතන මිලදී ගැනීමේ මූලික කටයුතුද Treasure Republic Guardians Limited මේ වන විට ආරම්භ කර ඇත.

දැනටමත් හිල්ටන් සමාගම සහ ලංකා හොස්පිට්ල් සමාගමේ කොටස් මිලදී ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සාර්ථක බවද නයෝමා ද සිල්වා මහත්මිය කියා සිටියේය.

වත්කම් භාරකාර සමාගමේ www.TRGLK.com නිල වෙබ් අඩවිය ජනගත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළේය.

Exit mobile version