Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බෝකුන්දර ඉන්ධන හල සංස්ථාව වෙත පවරා ගැනේ

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වූ බෝකුන්දර ඉන්ධන හල සංස්ථාව වෙත

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වූ බෝකුන්දර ඉන්ධන හල සංස්ථාව වෙත

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් සංස්ථා වෙත (06)වැනි දා පවරා ගැනීමට කටයුතු කළ බව එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශකර ඇත.

වසර 30 කට ආසන්න කාලයක් ඉන්දන හල පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාරය යටතේ පාලනය වූ අතර සේවක වැටුප් ගෙවීම ඇතුළු අනිකුත් කාර්යය සඳහා විශාල ශක්තියක් එමගින් සිදු වි තිබිණි.

සමුපකාර දෙපාර්තමේන්තුවේ නිසි අධීක්ෂණයක් නොවීමත් අදක්ෂ පාලනයත් හේතුවෙන් දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් මත ඉන්ධන පිරවුම්හල වෙත විවිධ කාල සීමාවල දී පත් කෙරුණු කළමනාකරුවන් සහ ඊට ඉහල පහල නිලධාරීන් රිසි සේ ඉන්ධන වලින් විවිධ වංචාවන් සිදුකර මුදල් ගසා කෑවද ඒවාට නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම වංචාවන් ඒ අයුරින්ම සිදු වූ බව සමුපාකාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්ධන හලින් විශාල වංචාවක් සිදුව ඇති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක දර්ශන රත්නායක මහතා වෙත පැමිණිල්ලක් අනුව විමර්ශන කලමනාකාර මේජර් රංජිත් සමරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් ඉකුත් මස 30 වෙනි දින ඉන්දන හල වෙත පැමිණ සිදුකළ මූලික පරීක්ෂාවේ දී ඉන්ධනහල් හලින් මහා පරිමාණ වංචාවක් සිදු වන බවට අනාවරණය කරගෙන තිබිණි.

නැවතත් පාරිභෝගිකයන් වෙත ඉන්ධන නිකුත් කිරීම (07) වැනි දා සිට සිදු කිරීමට නියමිතය.

Exit mobile version