Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අමුතුම දැවී යාමක්

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අමුතුම දැවී යාමක්

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අමුතුම දැවී යාමක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර (06) පැවැත්වෙන 38වැනි තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් අමුතුම ආකාරයට දැවී යාමක් සිදු විය.

ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරන කාලය ඉක්මවා යාමෙන් දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දැන් පැවැත්වෙන තරගයේ 4වන කඩුල්ල දැවී යාමත් සමග පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැසුම් පටියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් ප්‍රථම පන්දුවට මුහුණ දීමට විනාඩි දෙකකට වඩා වැඩි කාලයක් ගත විය.

පන්දු යවමින් සිටි ෂකීබ් අල් හසන් විනිසුරුගෙන් ඉල්ලා සිටියේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සඥා කරන ලෙසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් නීති රීති අනුව කඩුල්ලක් දැවී යාමෙන් පසු මිනිත්තු දෙකක් ඇතුළත පිතිකරන ලැයිස්තුවේ සිටින ඊළඟ පිතිකරු පිටියට පැමිණ පන්දුවට පහර දිය යුතුය. යම් හෙයකින් එසේ කිරීමට අපහොසත් වුවහොත් එම ක්‍රීඩකයා දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සැලකේ.

එහෙත් ප්‍රතිවාදී කණ්ඩායම එම පිතිකරණ පමාව ගැටලුවක් නොවන බව දන්වා සිටියහොත් පමණක් අදාල ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබේ. එබැවින් මෙම දැවී යාම තීරණය වන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ කැමැත්ත අකමැත්ත අනුවය.

Exit mobile version