Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තැඹිලි ගෙඩි අපනයනයෙන් රු. මිලියන 140ක ඉහල ආදායමක්

මිලියන 14ක තැඹිලි ගෙඩි අපනයනයෙන් රු. මිලියන 140ක ආදායමක්

මිලියන 14ක තැඹිලි ගෙඩි අපනයනයෙන් රු. මිලියන 140ක ආදායමක්

ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය 117% ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර ඇත.

2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය සඳහන් කරයි.

Exit mobile version