Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන්ව අපට දන්වන්න – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

ජනපති අරමුදල අවභාවිත කළ 22ක් ගැන CID විමර්ශන

ජනපති අරමුදල අවභාවිත කළ 22ක් ගැන CID විමර්ශන

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි.

පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු නාඩු සහල් කිලෝව රුපියල් 220 ක්ද කීරි සම්බා කිලෝව රුපියල් 260 ක්ද සම්බා කිලෝව රුපියල් 230 ක්ද රතු හා සුදු කැකුළු කිලෝව රුපියල් 210 ක්ද වශයෙන් පාලන මිලක් නියම කර තිබේ.

මෙම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පවසන පාරිභෝගික අධිකාරිය පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක අවම දඩයක් නියම කරන බවද කියා සිටී.

බොහෝ වෙළෙදුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගික පැමිණිලි දිනපතා ලැබෙන බවද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසයි.

Exit mobile version