Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පසුගිය වසර 4දී ලොව පුරා ගැටුම්වලින් මිය ගිය ළමයින්ට වඩා සති 3ක් තුළ ගාසා තීරයේ ළමුන්ගේ මරණ සංඛ්‍යාව ඉහලට

පසුගිය වසර 4දී ලොව පුරා ගැටුම්වලින් මිය ගිය ළමයින්ට වඩා සති 3ක් තුළ ගාසා තීරයේ ළමුන්ගේ මරණ සංඛ්‍යාව වැඩියි

පසුගිය වසර 4දී ලොව පුරා ගැටුම්වලින් මිය ගිය ළමයින්ට වඩා සති 3ක් තුළ ගාසා තීරයේ ළමුන්ගේ මරණ සංඛ්‍යාව වැඩියි

2019 වසරේ සිට වාර්ෂිකව සිදු වූ මුළු මරණ සංඛ්‍යාවට වඩා සති 3ක් තුළ ගාසා තීරයේ ළමුන්ගේ මරණ සංඛ්‍යාව වැඩි බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙනවා.

පසුගිය වසර හතරේදී ලොව පුරා ගැටුම්වලින් මිය ගිය ළමයින්ට වඩා වැඩි සංඛ්‍යාවක් ඔක්තෝබර් 7වනදා සිට ගාසා තීරයේ දී මිය ගොස් තිබෙනවා. සේව් තව් චිල්ඩ්රන් සංවිධානයයි මේ බව සඳහන් කරන්නේ.

මේ වන විට ගාසා තීරයේ ළමුන් 3,324ක් ඝාතනය කර ඇති අතර බටහිර ඉවුරේ 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව, 2022දී රටවල් 24ක් පුරා ළමුන් 2,985ක්, 2021දී 2,515ක් සහ 2020දී රටවල් 22ක් පුරා 2,674ක් මිය ගොස් තිබෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඇති එකම මාර්ගය සටන් විරාමය බවයි ජාත්‍යන්තර ප්‍රජාව පෙන්වා දෙන්නේ.

මේ අතර ගාසා තීරයේ ළමයින් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර, ඔවුන්ට ලුණු සහිත ජලය ලබා දීම හැර වෙනත් විකල්පයක් දෙමාපියන්ට ඉතිරිව නැති බව එක්සත් ජාතීන්ගේ ළමා ආධාර ඒජන්සිය යුනිසෙෆ් පවසනවා

එමෙන්ම ගාසා තීරයට ඇතුළු වීමට හැකි වී ඇති ආධාර සැපයුම් අතිශයින් අවම තත්ත්වයක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම සති ගණනාවක් පුරා එල්ලවන ප්‍රහාරවලින් පසු ගාසා තීරයේ සිවිල් සාමය පිරිහෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා

මේ අතර මිනිසුන් පැවැත්මට අත්‍යවශ්‍ය දෑ ගැනීමට ගබඩාවලට කඩා වදින බවයි පැවසෙන්නේ.

Exit mobile version