Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම නොවැම්බර් 1වැනිදා සිට

අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්

අස්වැසුමට සුදුසු ලයිස්තුවට තවත් පවුල් ලක්ෂ 03ක්

අගෝස්තු මාසය සඳහා අස්වැසුම ගෙවීම් (01) සිට අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ අනුව අදාළ මුදල් එදිනට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් ගිණුම්වලට බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 850ක මුදලක් වෙන් කර ඇත.

මීළඟ අදියරේ මුදල් බැර කිරීමට සිටින ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 10 කට වැඩිය.

Exit mobile version