Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරකට තේ පැළ මිලියන 20ක් බැගින් නිෂ්පාදනය කිරීමේ වගකීම පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

වසරකට තේ පැළ මිලියන 20ක් බැගින් නිෂ්පාදනය කිරීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානයට පවරයි.

මෙරට තේ කර්මාන්තය තුළ ඇති තේ වගාවන් සඳහා අලුතින් වගා කිරීම, පාළු සිටුවීම ඇතුළු අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන පැළ ප්‍රමාණය මිලියන 20කි. ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නොලැබීම තේ වගාවන්හි අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල කරන අතරම තේ වගාවේ නෙමටෝඩා හෙවත් වටපණු රෝගය ඉහළ යාමටද බලපායි.

මේ නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පැළ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි හා බීජ රෝපණ මධ්‍යස්ථානය මගින් සිදු කිරීමට (28) තීරණය කරනු ලැබීය.

දැනට කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ අවශ්‍යතා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන තේ පැළ ප්‍රමාණය මිලියන 20කි. බොහෝ තේ වගා කරුවන් තේ පැළ තවාන් වලින් ලබා ගත්ත ද එම තවාන්වලින් ලබා ගන්නා තේ පැළවලින් ලැබෙන අස්වැන්න මෙන්ම වටපණු රෝගය බරපතල ලෙස පවතින බව කරුණු අනාවරණය වී ඇත.

ගුණාත්මකබවින් යුත් තේ පැළ ලබා නොදීම නිසා මේ වනවිට තවාන් 20ක බලපත් අහෝසි කර තිබේ. එමෙන්ම රුපියල් මිලියන 490ක සහානාධාර ලබා දීම මගින් තවත් තේ පැළ කිරීමේ තවාන් 200ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

එමනිසා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ පැළ නිපදවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස එම අධිකාරියේ නිලධාරිහු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ.

ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සපයනු ලබයි.

Exit mobile version