Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක 2ක්

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බවට, නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එම දුරකථන අංක පහතින්:

0094711 757 536
0094711 466 585

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට කාර්යාල වේලාවන් හිදී ඇමතුම් ලබාගැනීමට හැකි බවද විදෙස් අමාත්‍යාංශය පවසයි.

එසේම මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කටයුතු අංශයට repatriation.consular@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහාද තොරතුරු ලබාදිය හැකිය.

මේ අතර අදාළ නිවේදනය මගින් විදේශ අමාත්‍යාංශය මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අවදානම් ප්‍රදේශවල සංචාරයේ නිරත නොවන ලෙසටය.

එසේම ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ පලස්තීනයේ රමල්ලා හි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික ධූත මණ්ඩල සාමාජිකයින් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන ලෙසටද එම නිවේදනය මගින් මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Exit mobile version