Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ ( Tournament of Minds) තරඟාවලියේ ලෝක ශූරයන් බවට ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් පත්වේ

'ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්' තරඟාවලියේ ලෝක ශූරයන් බවට ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම

'ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්' තරඟාවලියේ ලෝක ශූරයන් බවට ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම

ස්නායුවේදය පිළිබඳ ලෝක සම්මේලනය සංවිධානය කරන ලද ‘ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්'( Tournament of Minds) තරඟාවලිය, ශ්‍රී ලාංකීය ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් විසින් ජයග්‍රහණය කරමින් ලෝක ශූරයන් බවට පත් වී තිබේ.

‘ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ තරඟාවලිය සඳහා ලෝකයේ රටවල් 136ක් සහභාගී වී ඇත. රටවල් 136 අතරින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම ලෝක ශූරයන් බවට පත් වී තිබේ.

පසුගිය 15 සිට 19 වැනිදා දක්වා කැනඩාවේ මොන්ට්‍රියාල් හි පැවති 26වෙනි ස්නායුවේදය පිළිබඳ ලෝක සමුළුවේදී මෙම තරඟාවලිය පවත්වා ඇත.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය තාෂි චැන්ග්, වෛද්‍ය ඒ.ටී අලිබෝයි, වෛද්‍ය සේනක බන්දුසේන සහ වෛද්‍ය මංජුල කල්දේරා සහභාගී වී තිබේ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ආඩම්බර විය හැකි මොහොතක් බව ලොව පුරා සිටින වෛද්‍යවරුන් සුභපැතුම් එක් කරමින් පවසා ඇත.

Exit mobile version