Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවල දුන් නිර්දේශ 200ක් මෙතෙක් ක්‍රියාත්මකවී නෑ

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන පනත පාර්ලිමේන්තුවේදි සම්මතයි

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන පනත පාර්ලිමේන්තුවේදි සම්මතයි

විවිධ අරමුණු වෙනුවෙන් පසුගිය කාලයේදී පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවලින්දී ඇති නිර්දේශ 200කට වැඩි සංඛ්‍යාවක් මෙතෙක් ක්‍රියාත්මකවී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වන්හි කටයුතු වෙනුවෙන් පසුගිය කාලයේදී මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විවිධ අරමුණු වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් කතානායකවරයා විසින් පසුගිය කාලයේදී පත් කෙරිණ.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) මෑත භාගයේදීදී ඇති නිර්දේශ 300කට ආසන්න සංඛ්‍යාවක්ද නිසියාකාරව ක්‍රියාත්මකව නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ විශේෂයෙන් රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් රටට අහිමි කළ සීනි බදු වංචාව සම්බන්ධයෙන් කෝපා කමිටුව නිර්දේශ ගණනාවක්දී ඇතත් ඒවාද ක්‍රියාත්මකවී නැති බවයි.

කෝප්, කෝපා කමිටු දෙන නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක නොවන බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ ආකාරයට කමිටු පත් කිරීමෙන් පලක් නොවන බවද ප්‍රකාශ කළේය.

මෙම කමිටු දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විවිධ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභා කිහිපයක් පසුගිය මාස කීපයේදීද කතානායකවරයා විසින් පත් කෙරිණ.

Exit mobile version