Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වැසි ජලයෙන් යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් කොළඹ නගර සභාවට නියෝගයක්

කොළඹ වැසි ජලයෙන් යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් කොළඹ නගර සභාවට නියෝගයක්

කොළඹ වැසි ජලයෙන් යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් කොළඹ නගර සභාවට නියෝගයක්

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙසට, පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් කොළඹ නගර සභාවට නියෝගය නිකුත් කර ඇත.

මේ දිනවල ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇත.

ඒ හේතුවෙන් මහජනතාවගේ දෛනික කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

නගරවැසියන් මෙන්ම අග නගරයට දෛනිකව පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මුහුණ දීමට සිදු වන එම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අවධානය යොමු වී ඇත.

Exit mobile version