Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය ඇමතිනි ඩයනාගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සහ රෝහණ බණ්ඩාර මෙන්ම සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් අතර (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පත් කරන බවයි.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් යන මහත්වරුන් පත් කර තිබෙනවා.

එහිදී දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ විමර්ශනය කර කඩිනමින් වාර්තාවක් කථානායකවරයාට භාර දීමට නියමිතයි.

Exit mobile version