Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක්

කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක්

කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා (19)වැනි දා කොත්මලේ වෑතලාව ප්‍රදේශය නිරික්ෂණය කිරීමෙන් පසුව එම ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සිදුකර ඇත.

එහිදී අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා සිටියේ කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පොළොව අභ්‍යන්තරයේ ඇතිවන විවර තුළින් ජලය ගමන් කිරීම නිසා ඇතිවන හඬක් බවය.

එය බරපතළ තත්ත්වයක් නොවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින වැසි සහිත කාලගුණයත් සමග කොත්මලේ හැඳුනුවැව වෑතලාව ක්‍රීඩාභූමිය අභ්‍යන්තරයෙන් අසාමාන්‍ය හඩක් ගම්මුන්ට ඇසී වී ඇත්තේ, පසුගිය පසුගිය 14 වැනිදා සිටය.

ගම්වාසීන් භීතියට පත්කරන මෙම හඬ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා භූ විද්‍යා හා පතල් කැණීම් ඒකකයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

එවන් පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා (19)වැනි දා එම ප්‍රදේශයට ස්වේච්ඡාවෙන්ම පැමිණ අදාළ ස්ථානය මෙලෙස නිරීක්ෂණය කළේය.

Exit mobile version