Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන පැමිණිලි නොසලකා හැරිය පොලිස් නිලධාරීන් 9කුට චෝදනා පත්‍ර; 19කට අවවාද පත්‍රිකා

උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව

උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව

මහජන පැමිණිලි නොසලකා හැරිය පොලිස් නිලධාරීන් 9 දෙනකුට චෝදනා පත්‍ර ලබා දී ඇති බවත්, තවත් 19 දෙනකුට අවවාද පත්‍රිකා ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස් ස්ථාන වෙත මහජනයාගෙන් ලැබෙන පැමිණිළි සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ උපදෙස් චක්‍රලේඛ මත කටයුතු නොකළ සිදුවීම් 125ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නියමයෙන් පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම සිදුවීම් වලින් ලිපි ගොනු 84ක් විමර්ශන අවසන් කර ඇති බවත් ගොනු 23ට ඉදිරයේ චෝදනාපත්‍ර හා අවවාද පත්‍ර නිකුත් කිරීම නියමිත බවද හෙතෙම කීය.

මෙම චෝදනා ලබා ඇති නිලධාරීන් අතර පොලිස් ස්ථානාධිපතිවරුන්, අංශ බාර ස්ථානාධිපතිවරුන් සිටින බවත් ඉදිරියේ ඔවුන් තනතුරු වලින් ඉවත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

Exit mobile version