Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධනුෂ්කගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

ධනුෂ්කගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

ධනුෂ්කගේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කළේ යැයි එල්ල වූ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්කට මෙම තහනම පැනවූ අතර ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය පසුගියදා තීරණය කළේය.

ධනුෂ්කගේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ධනුෂ්කට චෝදනාවලින් නිදහස් කිරීමට නිර්දේශ කර තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ධනුෂ්කගේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version