Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුමාර ධර්මසේන ඇතුළු 12කු අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

කුමාර ධර්මසේන ඇතුළු 12කු අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

කුමාර ධර්මසේන ඇතුළු 12කු අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු 12 දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

ඒ, ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනිඅවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාලිංග ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින්.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර ධර්මසේන ඇතුළු වගඋත්තරකරුවන් 12 දෙනෙකුට ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගිය නඩු වාරයේදී අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබුණා.

කෙසේ නමුත් කුමාර ධර්මසේන විදේශගතව සිටීම හේතුවෙන් ඔහු හැර සෙසු වගඋත්තරකරුවෝ (12) අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් නිවසේ පදිංචිකරුවන් වෙනුවෙන් එහි රියැදුරු ඉකුත් අගෝස්තු 17දින නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇති නමුත් පොලිසිය ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බවයි වාර්තා වන්නේ.

පැමිණිලි පාර්ශවය එම පැමිණිල්ල සිදුකර මාසයකුත් දින තුනක් ගත වූ පසුව මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවයද මේ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස 19වන දින පොලිසිය හමුවේ පැමිණිල්ලක් කර ඇති බවද පැමිණිලිකාර පාර්ශවය ඉකුත් 17 දින කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති පොලිසිය මෙම සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය කළ පැමිණිල්ල පිළිබඳව පමණක් විමර්ශනය කර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය සිය වගකීම පැහැර හැර ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පැමිණිලි පාර්ශවය මුලින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකර වගඋත්තරකාර පාර්ශවය ඉන් මාසයකුත් දවස් තුනකට පසුව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පමණක් විමර්ශනය සිදු කළේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා නාරාහේන්පිට පොලිසියෙන් විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී, නාරාහේන්පිට ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ, තම පොලිස් ස්ථානය කිසිදු පාර්ශවයකට පක්ෂපාතීත්වයකින් කටයුතු නොකළ බවත් දෙපාර්ශවයක් අතර තිබුණ පැමිණිලි කිහිපයක් නිසා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට කිසියම් කාලයක් ගතවූ බවත්ය.

එමෙන්ම මෙම විමර්ශනයේදී අනාවරණය වන ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට තම පොලිස් ස්ථානය කටයුතු කරන බවද නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පවසා ඇත.

Exit mobile version