Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක්

ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක්

ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක්

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා සහ IM Japan ආයතනය වෙනුයෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී (11)දින අත්සන් තබා ඇත.

මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාළ විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර, තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක් හිමිවනවා.

එම අවස්ථාවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා IM Japan ආයතනයේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී SSW යටතේ බදවා ගැනීම් සදහා වන විභාග ක්‍රමය සරල කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ IM ජපන් නියෝජිතයින් ඒ සඳහා අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමට එකග වුණා.

එසේම ජපන් රැකියා ඉලක්ක කර ගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, ඊටද නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමි වී තිබෙනවා.

Exit mobile version