Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නේවාසික පිළිකා රෝගීන්ගේ 20%ක වර්ධනයක් – සෞඛ්‍ය ඇමති

පිළිකා නේවාසික රෝගීන්ගේ 20%ක වර්ධනයක් - සෞඛ්‍ය ඇමති

පිළිකා නේවාසික රෝගීන්ගේ 20%ක වර්ධනයක් - සෞඛ්‍ය ඇමති

මහරගම අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව 8.2 %කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

නේවාසික ප්‍රතිකාර සඳහා අපේක්ෂා රෝහලට ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමෙන් මෙරට පිළිකා රෝගවලට ගොදුරු වන රෝගීන්ගේ වර්ධනයක් සිදුව තිබෙන බවට අනුමාන කළ හැකි බවද ඒ මහතා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

පිළිකා රෝග තත්ත්වයන් සඳහා පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා පිරිස ඉතා අල්ප බැවින් එම රෝගීන් රජයේ රෝහල් කරා යොමු වූයේ යැයි අනුමාන කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගේ 20%ක පමණ වර්ධනයක් ඇතිව තිබෙන බව සමීක්ෂණ මඟින් හෙළිව ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ 59 %ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් සමස්ත රෝහල් පද්ධතිය සැලකීමේදී එම අගය 40%ක අගයක පවතින බවත් ඒ මහතා කීය.

Exit mobile version