Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 වසරේ ගෙවුනු මාස 09 තුළ සමස්ත සංචාරක ඉපැයීම් වල ඉහල වර්ධනයක්

2023 වසරේ මුල් මාස 09 තුළ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.45ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවක් මගින් පෙන්වා දේ.

එය 2022 වසරේ මුල් මාස 09 හි සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 873.1 හා සැසඳීමේ දී 66.8%ක වර්ධනයකි.

මේ අතර වසරේ මුල් මාස 09 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන මිලියනයේ සීමාව මේ වන විට ඉක්මවා තිබේ. 2023 සැප්තැම්බර් මාසයේ දී 111,938ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීමත් සමඟ මෙතෙක් පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,016,256ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එය 2022 වසරේ මුල් මාස 09හි සංචාරක පැමිණීම් අගය වූ 526,232 හා සැසඳීමේ දී 93.1%ක වැඩි වීමක් වේ.

Exit mobile version