Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 5ක් තුල බම්බලපිටිය දුම්රිය ස්ථානයට මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක්; බලධාරීන්ට මාස 5ක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක්; බලධාරීන්ට මාස 5ක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී ඇති බවය.

එම කාලය දක්වා තාවකාලික ප්‍රවේශ මාර්ගයක් දින 10ක් තුළ ඉදිකරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙසට දැනුම් දී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙම සියලු කටයුතු අද සිට ආරම්භ කරන ලෙස එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Exit mobile version