Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවයි

මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවයි

මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස මහවැලි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා සියලු මහවැලි කලාප නියෝජනය කරන නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

පොලොන්නරුව මහවැලි බී කලාපයේ ඉඩම් ලබාදීමේ දී සිදුව ඇති අක්‍රමිකතා සහ විෂයබාර අමාත්‍යවරයා මුල්වීමෙන් හිතවතුන්ට මහා පරිමාණයෙන් කන්න බදු ක්‍රමයට ඉඩම් ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ලබාදුන් වාචික උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.

මහවැලි බී කලාපයේ ඉඩම් අංශය මගින් කන්න බදු පදනම මත ඉඩම් ලබාදීම සඳහා විෂය බාර අමාත්‍යවරාය නියෝජනය කරන ප්‍රාදේශීය සභා පළාත් සහා මන්ත්‍රීවරුන් රැසකටත්, අපෙක්ෂකයන් කීප දෙනකුට මෙන්ම මහවැලි බී කලාපයෙන් පිටස්තරව මඩකළපුව ඇතුළු විවිධ ප්‍රදේශවල කීපදෙනකුට එම ඉඩම් බැහැර කිරීමේ ලේඛනයක් සකස් කර ඇති බවට සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු දැන්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

Exit mobile version