Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා රු. කෝටි 376ක්

ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා රු. කෝටි 376ක්

ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා රු. කෝටි 376ක්

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා ප්‍රකාශ කළා.

වන්දි ලබා විශ්‍රාම යන සේවකයන් 1,417ට වයස 55ට වැඩි සේවකයන් 252ක් සහ වයස 55ට අඩු සේවකයන් 1,165ක් ඇතුළත් බවත් භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදලින් එම ආයතන දෙකේ විශ්‍රාම ලැබූ, මියගිය සහ ඉල්ලා අස්වූ සේවකයන් 910කට ව්‍යවස්ථාපිත ගෙවීම් කළ යුතු බවත් සභාපතිවරයා පවසනවා.

කොවිඩ් වසංගතය සහ රට ආර්ථික වශයෙන් කඩා වැටීම් ආදි හේතූන් නිසා එම සංස්ථාවේ සේවකයන් 1,800කට පමණ රුපියල් කෝටි 14ක් (මිලියන 140) පමණ වූ වැටුප් ගෙවීමටට නොහැකිව ගැටලු නිර්මාණය වූ බව කී නීතිඥා රත්නසිරි කළුපහන මහතා මෙම වන්දි යෝජනා ක්‍රමයෙන් සේවකයන් ඉවත්වීමෙන් පසුව සංස්ථාවේ වැටුප් පිරිවැය කෝටි 4කට (මිලියන 40) අඩු වන බවද සඳහන් කළා.

වන්දි යෝජනා ක්‍රමය ක්‍රියාත්ම කිරීමට රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සතු පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 17ක ඉඩමක් විකිණීමට සැළසුම් කළද ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉඩම විකිණිම අත්හිටුවූ බවයිද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Exit mobile version