Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තානාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7 දෙනෙකු පත් කිරීමට අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් 7කු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

එම කමිටුවේ අනුමැතිය මෙසේ හිමි වූයේ තානාපතිවරියක, මහ කොමසාරිස්වරයකු අමාත්‍යාංශ ලේකම්වරයකු සහ ආයතන ප්‍රධානීන් සිවු දෙනකු පත් කිරීමටය.

ඒ අනුව එම්.ඊ.එම්. වෙනින්ගර් මහත්මිය ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපතිනිය ලෙසද ඩබ්ලිව්. එම්. ධර්මපාල මහතා බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.

මෙයට අමතරව එච්.එම.බී.පී. හේරත් මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරිය කීවාය.

තවද විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද, ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේ මහතා ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද, බී.එම්.එල්. පතිරණ මහතා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට කිරීමටද අයි.එස්. විජේසේකර මහතා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද එම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

Exit mobile version