මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී.සරවනරාජා රටින් පිටවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
මුලතිව් දිසා විනිසුරුවරයා පසුගියදා තමන්ට මරණීය තර්ජන ඇතැයි පවසමින් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණා.
මේ පිළිබඳව විධිමත් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබුණු බවත් වාර්තා වුණා.