Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් දිවයිනට

ලංකාවට එන සෑම සංචාරකයෙකුටම ‘තේ තෑග්ගක්‘

ලංකාවට එන සෑම සංචාරකයෙකුටම ‘තේ තෑග්ගක්‘

මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ ආරාධනයකට අනුවයි.

දැනට ලබාදි ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත්, විදෙස් ගැණුම්කරුවන් 50 දෙනෙකු ඒ සඳහා සහභාගී වනු ඇත.

ලංකා තේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙළෙඳපොළ තුළ ලැබූ ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් ඔවුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමට ද නියමිතය.

මෙරට රැඳී සිටින කාලය තුළ ඔවුන්, තේ වගා බිම් මෙන්ම කර්මාන්තශාලාද නිරීක්ෂණය කරනු ඇති.

ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය විසින් එය සංවිධානය කරන්නේ, ලංකා තේ ජාත්‍යන්තරය තුළ තවත් ප්‍රචලිත කිරීමේ අරමුණින්ය.

Exit mobile version