Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. මි 123ක් වටිනා රන් බිස්කට් 30ක් හා රන් ආභරණ තොගයක් සමග 04ක් අත් අඩංගුවට

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ඩුබායි සිට පැමිණි FZ 569 හා UL 226 දරන ගුවන් යානාවලින් මෙරටට පැමිණි ගුවන් මගීන් 04 දෙනෙකු නීති විරෝධීව මෙරටට ගෙන ආ රන් බිස්කට් 30ක් හා රන් ආභරණ තොගයක් සමග ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මගීන් අතර කාන්තාවන් 3 දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවයි සඳහන් වන්නේ.

රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 123ක් ලෙස තක්සේරු කර ඇති අතර රන් තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 6ක් පමණ වනවා.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරන්නේ.

Exit mobile version