Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිවාස නිලධාරීන් සහ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරින් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත් කරයි

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කරයි

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කරයි

වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීමට අදාලව නෛතික ප්‍රතිපාදන හිමි වන ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත අනුව අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අංක 2347/10–2023 දරන මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.

ඒ අනුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සෑම පරිවාස නිලධාරියෙකුම නිල බලයෙන් එකී නිලධාරියා පත්කර ලැබ සිටින අදාළ පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙකු විය යුතු බවට ගැසට නිවේදනයේ සඳහන් කොට තිබේ.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කොට ස්ථිර සහ සක්‍රීයව සේවයේ නියුතු සෑම ජාතික ඒකාබද්ධතාව සම්බන්ධීකරණ නිලධාරියකුම නිල බලයෙන් එකී නිලධාරියා පත් කර ලැබ සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් වන අදාල පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙකු විය යුතු බවද ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

Exit mobile version