Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රු. 15,000ක්

මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රු. 15,000ක්

මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රු. 15,000ක්

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය නියෝජනය කරන සියලුම දිස්ත්‍රික්කවල සභාපතිවරු සමග (20) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව හෙක්ටෙයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබා දෙන අතර එම මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම අදාළ මුදල්වලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව පවතිනවා.

මීට අමතරව බණ්ඩි පොහොර හා යුරියා පොහොර මේවනවිට අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව පවතින අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිතයි.

Exit mobile version