Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක ආකර්ෂණය ඇති ලොව හොඳම දූපත් 50 අතර ශ්‍රී ලංකාව 13වැනි ස්ථානයට

සංචාරක ආකර්ෂණය ඇති ලොව හොඳම දූපත් 50 අතර ශ්‍රී ලංකාව 13වැනි ස්ථානයට

සංචාරක ආකර්ෂණය ඇති ලොව හොඳම දූපත් 50 අතර ශ්‍රී ලංකාව 13වැනි ස්ථානයට

සංචාරක ආකර්ෂණය අතින් ලබා තිබෙන ස්ථානය යළිත් වරක් තහවුරු කර ගනිමින් සංචාරය කිරීමට ලොව හොඳම දූපත් 50 අතරට ශ්‍රී ලංකාවද එක්ව තිබේ.

සංචාරක වෙබ් අඩවියක් වන “බිග් සෙවන් එන්ජෝයි ට්‍රැවල්” වෙබ් අඩවිය විසින් මේ නම් කිරීම සිදු කර තිබෙන අතර, එහිදී 13 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වෙයි.

2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදු කර ඇති අතර, ඒ අනුව සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලි, ඉන්දුනීසියාව සහ සීෂෙල්ස් යන රටවලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයක් වන අතර, හොඳම දූපත වශයෙන් බහමාස් නම් කර ඇත. ඊට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ප්‍රංශය, ඉක්වදෝරය, ග්‍රීසිය, ඩොමිනිකා, කොස්ටරිකා, මෝල්ටාව සහ ක්‍රොඒෂියාව එම වර්ගීකරණයේ ඉදිරියෙන්ම පසුවෙයි.

Exit mobile version