Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා රු.260/-, සම්බා රු.230/-, නාඩු රු.220/- සහ රතු කැකුළු රු.210/-ක් ලෙස උපරිම සිල්ලර මිල ගණන් දැක්වෙන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉහත මිල ගණන්වලට සහල් අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළඳුන් වෙත දැනුම්දෙනවා.

වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක්ද අධිකරණය මගින් නියම කරන බව සඳහන්.

සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන අතර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳසැලක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය වෙත තොරතුරු ලබාදෙන ලෙස එම අධිකාරිය වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙනවා.

Exit mobile version