Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 20කට පසුව ඛණිජ වැලි සෘජු අපනයනය ආරම්භ කරයි

වසර 20කට පසුව ඛණිජ වැලි සෘජු අපනයනය ආරම්භ කරයි

වසර 20කට පසුව ඛණිජ වැලි සෘජු අපනයනය ආරම්භ කරයි

යුධ ගැටුම් හේතුවෙන් වසර 30 කට අධික කාලයක් තිස්සේ වෙනත් මැදිහත් පාර්ශ්වයක් හරහා අපනයනය කරමින් සිටි ඛනිජ වැලි, පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම විසින් සැප්තැම්බර් (03) ඍජු අපනයනය තිබෙනවා.

ත්‍රිකුණාමලය වරායෙන් සර්කෝන් ටොන් 30,000 ක් පළමු ඍජු අපනයනය ලෙසින් නැව්ගත කෙරුණු අතර එම අවස්ථාව නිරීක්ෂණයට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්ව සිටියා.

මෙලෙස ඛනිජ වැලි ඍජු අපනයනයෙන් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම හරහා විශාල ආදායමක් මෙරට ආර්ථිකයට එකතුවන අතර නැව්ගත කිරීමේ මෙහෙයුම් කටයුතු හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විශාල මූල්‍යමය ප්‍රතිලාභයන්හ හිමිවනවා.

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති වෛද්‍ය උදේනි දසනායක මහතා සඳහන් කළේ මෙම ඍජු අපනයන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් නෞකා 2ක් යොදා ගනිමින් ඉල්මනයිට්ටොන් 60,000ක්
චීනයට අපනයනය සිදුකරන බවයි.

Exit mobile version