Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1100ක ණයක්

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1100ක හිඟ බිල්පත් ගෙවීමට ඇති හෙයින් ඔවුන් ඖෂධ සැපයීමට අදිමදි කරන තත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ හිඟ බිල්පත් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් දැනටමත් මුදල් ඉල්ලා ඇති බවයි. එම මුදල් අදියරෙන් අදියර මුදාහැරීමට මහා භාණ්ඩාගාරය එකඟවූ බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව තවත් කෝටි 300ක් වෙනත් ආනයනකරුවන්ට ගෙවීමට ඇති බවද රත්නායක මහතා පැවසුවේය.

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධ 161ක පමණ හිඟයක් පවතින බවත් එම ඖෂධ දැනටමත් ඇණවුම් කර ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙම ඖෂධ ඉදිරි සති කිහිපයේදී ලැබීමට නියමිතය.

Exit mobile version