Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය හිරු ගවේෂණ යානය ගමන් අරඹයි

ඉන්දීය හිරු ගවේෂණ යානය ගමන් අරඹයි

ඉන්දීය හිරු ගවේෂණ යානය ගමන් අරඹයි

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණය සඳහා නිපදවූ ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය රැගත් ඉන්දියාවේ PSLV රොකට්ටුව, සාර්ථකව උඩු ගුවන බලා පිටත්ව ගියේය.

පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදා හරින රොබෝ යානය, දින 125ක දුර ගමක යෙදෙයි. ඒ, හිරු සහ පෘථිවිය අසල ඇති, තාරකා වනිද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ Lagrangian Point 1 (L1) යන නමින් හඳුන්වන ස්ථානය බලාය. රොබෝ යානය මෙම ස්ථානයේ රැඳවෙයි.’ලග්‍රාන්ජ් පොයින්ට්’ ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකිනි.

‘ආධිත්‍යා Aditya L1’යානය හිරු ගවේෂණය කරමින්, හිරුගේ ඡායාරූප ගැනීම සිදු කරයි. ඉන්දීය විද්‍යාඥයන් පවසන්නේ ‘ආධිත්‍යා Aditya L1’දිනකට පෘථිවියට එවීමට නියමිත හිරුගේ ඡායාරූප ගණන 1,440ක් බවය.

Exit mobile version