Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සපුගස්කන්ද පිරිපහදුව දින 20කට නැවැත්වීමට සූදානමක්

සපුගස්කන්දට බැරල් ලක්ෂයක නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්දට බැරල් ලක්ෂයක නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද පිරිපහදුව දින 20ක කාල සීමාවකට නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්පේරකවල සක්‍රියතාව යළි යථා තත්ත්වයට පත්කර ගැනීම මෙහි අරමුණයි.

ඒ අනුව ලබන 18 වනදා සිට ඔක්තෝම්බර් 8 වනදා දක්වා පිරිපහදු නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට සිදුවන බව එම සංස්ථාව දැනුම් දෙනවා.

අත්‍යවශ්‍ය තාක්ෂණික කටයුතුවලින් අනතුරුව සැලසුම්කළ පරිදී ලබන මස 8 වනදා සිට නැවත පිරිපහදුව නිෂ්පාදන කටයුතු පූර්ණ ධාරිතාවයෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය බොරතෙල් මේ වන විටත් ඇනවුම් කර තිබෙනවා.

එමෙන්ම ඩීසල් හා භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන තොග සංචිත කිසිදු අඩුවකින් තොරව පවතින බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරන්නේ.

Exit mobile version