Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළමුවරට එක්සත් ජනපදයෙන් තායිවානයට ඩො. මි 80ක හමුදා ආධාර

පළමුවරට එක්සත් ජනපදයෙන් තායිවානයට ඩො. මි 80ක හමුදා ආධාර

පළමුවරට එක්සත් ජනපදයෙන් තායිවානයට ඩො. මි 80ක හමුදා ආධාර

විදේශ ආණ්ඩු ඉලක්ක කරගත් ආධාර වැඩසටහනක් යටතේ ප්‍රථම වරට තායිවානයට සෘජු එක්සත් ජනපද මිලිටරි ආධාර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය අනුමත කර ඇති බව බලධාරීහු සඳහන් කරනවා

රාජ්‍ය දෙපාර්තමේන්තුව(29) කොන්ග්‍රසයට දන්වා සිටියේ එය ඩොලර් මිලියන 80ක ආධාරයක් බවයි.

එය තායිවානයට මෑතකාලීන විකුණුම් හා සසඳන විට කුඩා නමුත්, සාමාන්‍යයෙන් ස්වෛරී රටවලට ප්‍රදාන හෝ ණය ලබා දෙන විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ තායිවානයට ලැබෙන පළමු ආධාරය සනිටුහන් කර තිබෙනවා.

එක්සත් ජනපදයට තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ නිරන්තර උනන්දුවක් ඇති අතර එය කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා තීරණාත්මක වනු ඇති.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ආධාර කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා උපකාරී වනු ඇති යනුවෙන් කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවද සඳහන් වනවා.

Exit mobile version