Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක වේ

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක වේ

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක වේ

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පතට, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතටය.

ඒ අනුව, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත 2023 අංක 11 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත ලෙසත්, විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත 2023 අංක 12 දරන විසර්ජන (සංශෝධන) පනත ලෙසත්, ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත 2023 අංක 13 දරන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාතග කිරීමේ) (සංශෝධන) පනත ලෙසත් 2023 අගෝස්තු 21 දින සිට බලාත්මක වේ.

Exit mobile version