Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රෙඩිට් කාඩ් පොලිය පහත දැම්මට තීරණයක්

ක්‍රෙඩිට් කාඩ් පොලිය පහත දැම්මට තීරණයක්

ක්‍රෙඩිට් කාඩ් පොලිය පහත දැම්මට තීරණයක්

ක්‍රෙඩිට් කාඩ් සඳහා වාර්ෂිකව අය කළ හැකි උපරිම පොලිය සියයට 28ක් විය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගිය සමයේ ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 36 දක්වා ඉහළ නැග තිබුණු අතර ඒ පිළිබඳ මාධ්‍ය මගින් පළ කළ විරෝධය නිසා පොලිය සියයට 32 දක්වා අඩුකර තිබුණි.

ඒ අතර පසුගියදා උපරිම ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 28කට පහත දැමිය යුතු බවට බලපත්‍රලාභී සියලුම වාණිජ බැංකු වෙත මුදල් මණ්ඩලය නියෝගයක් නිකුත් කළේය.

මෙයට පෙර මහ බැංකුව ප්‍රකාශ කර තිබුණේ අදාළ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල මගින් ක්‍රෙඩිට් කාඩ් පොලිය තීරණය කිරීමට ඉඩ දුන් බවය.

බැංකු අතර පවතින පොලියේ තරගකාරීත්වය නිසා පොලිය ස්වයං පාලනයකට නතුවන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කළද එය සිදු නොවී පොලී ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ නැග තිබුණි.

Exit mobile version