Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් භාවිතය තාවකාලිකව අත්හිටුවයි

ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් භාවිතය තාවකාලිකව අත්හිටුවයි

ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයක් භාවිතය තාවකාලිකව අත්හිටුවයි

කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ, අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබාදෙන අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිදුවීම පදනම් කරගනිමින්ය.

කැපුම් තුවාලකට ප්‍රතිකාර ලබාගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ඖෂධ කාණ්ඩයේ එන්නත් 21,000ක් පැවති බවයි.
ඉන් 18000ක් මේ වන විට භාවිතයට ගෙන තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් එක් එන්නතක් සම්බන්ධයෙන් පමණක් මෙම තත්ත්වය වාර්තා වන බවයි.

ඒ සම්බන්ධයෙන් ඖෂධ ගැටලු සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව හරහාද පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙයි.

Exit mobile version